ශ්‍රී ලංකා මහ බැංකුවට නව නියෝජ්‍ය අධිපතිවරුන් පත්කරයි

ශ්‍රී ලංකා මහ බැංකුවට නව අධිපතිවරුන් දෙදෙනෙක් පත්කර තිබෙනවා.

ඒ. ඒ. එම්. තාසිම් සහ ජේ. පී. ආර්. කරුණාරත්න යන අය මෙසේ අලුතින් පත්කළ බවයි නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ.

ඒ. ඒ. එම්. තාසිම් ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරයෙකු මෙන් ම පාලක මණ්ඩලයේ ලේකම් ලෙසද කටයුතු කර තිබෙනවා.

ජේ. පී. ආර්. කරුණාරත්න ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරයෙකු වශයෙන් කටයුතු කර තිබුණා.

2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ විධිවිධාන ප්‍රකාරව පාලක මණ්ඩලයේ නිර්දේශය මත මෙම පත්කිරීම මුදල් ඇමතිවරයා විසින් සිදුකළ බවයි මහබැංකු නිවේදනයේ දැක්වෙන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *