ශ්‍රී ලංකා මහ බැංකුව පොලී අනුපාත තවදුරටත් අඩු කරයි

ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය 2024 මාර්තු 25 වැනි දින පැවති රැස්වීමේදී මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙළින් 8.50% සහ 9.50% දක්වා පදනම් අංක 50 කින් අඩු කිරීමට තීරණය කළ බව මහ බැංකුව නිවේදනය කරනවා.

එහිදී මධ්‍ය කාලීනව 5%ක ඉලක්කගත මට්ටමේ උද්ධමනය පවත්වා ගනිමින් ආර්ථිකයට එහි විභවයන් කරා ළඟා වීමට හැකි වන පරිදි වත්මන් සහ අපේක්ෂිත දේශීය හා ජාත්‍යන්තර ආර්ථික වර්ධනයන් පිළිබඳ පුළුල් තක්සේරුවකින් පසුව මෙම තීරණයට එළඹුනු බවයි එම නිවේදනයේ සඳහන්.

එමෙන්ම මූල්‍ය ප්‍රතිපත්ති ලිහිල් කිරීමේ ක්‍රියාමාර්ග මාලාවේ ප්‍රතිලාභ ව්‍යාපාර සහ කුටුම්භ වෙත ප්‍රමාණවත් ලෙස ලබාදීම සහතික කිරීම සඳහා වෙළඳපොළ ණය පොලී අනුපාත අඩු කිරීමට සියලු මූල්‍ය ආයතන කඩිනම් පියවර ගැනීමේ අවශ්‍යතාවද එහිදී මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය අවධාරණය කරනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *