ශ්‍රී ලංකීකයින්ට ජපානයේ රැකියා සිහිනය සෑබෑ කරගන්න මෙන්න අවස්ථාව

ජපානය විසින් මේ වන විට ශ්‍රි ලාංකිකයින්ට ලබා දී ඇති රැකියා ක්ෂේත්‍රවලට අමතරව, තවත් ක්ෂේත්‍ර රැසක රැකියා අවස්ථා ශ්‍රි ලාංකිකයින්ට‍ විවෘත කිරීමට ජපානය එකග වී ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පවසනවා.

පසුගියදා ජපානයේ IM Japan ආයතනයේ සභාපති හිසයෝෂි කිමුරා (Hisayoshi Kimura) හා අධ්‍යක්ෂක මසනෝබි කොමියා (Masanoby Komiya) යන, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වැඩ බලන සභාපති ජෙෆ් ගුණවර්ධන හා සාමාන්‍යාධිකාරී ඩී.ඩී.පී.සේනානායක යන මහත්වරුන් කාර්යාංශයේදී හමුවූ අතර, එහිදී ලාංකිකයින්ට ජපානයේ රැකියා අවස්ථා වැඩි වශයෙන් ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා.

IM Japan ආයතන මගින් ශ්‍රි ලාංකිකයින්ට ජපානයේ ඉදිකිරීම්, සාත්තු සේවා, නිෂ්පාදන, මෝටර් රථ කාර්මික ශිල්පී හා ඇසුරුම් සේවා වැනි ක්ෂේත්‍රවල රැකියා අවස්ථා ලබාදෙන අතර, ඊට අමතරව කෘෂිකාර්මික, නවාතැන් සේවා, ගොඩනැගිලි පිරිසිදු කිරීම් යන ක්ෂේත්‍රවල වැඩි රැකියා අවස්ථා ලාංකික තරුණ ප්‍රජාව වෙත ලබාදීමට ජපාන නියෝජිතයින් එකගතාවය පළකර තිබෙනවා.

එසේම ඉහත ක්ෂේත්‍රවල පුහුණුව ලැබූ තරුණයින්ගෙන් සමන්විත පුහුණු සංචිතයක් මෙරට ඇති කිරීමට මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

IM Japan වැඩසටහන යටතේ මේ වන විට ශ්‍රි ලාංකිකයින් 500ට ආසන්න ප්‍රමාණයකට ජපානයේ තාක්ෂණික සේවාස්ථ පුහුණුව හිමිවී ඇති අතර, තවත් පුහුණු ලාභීන් 100ට ආසන්න ප්‍රමාණයක් ජපානයට යාමට සුදුසුකම් ලබා පෙර විගමණික පුහුණුව ලබමින් සිටින බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ වැඩිදුරටත් කියා සිටියා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *