ශ්‍රී ලාංකිකයෙකු රැගත් සුඛෝපභෝගී සුපිරි යාත්‍රාවක් පෙරලි 06ක් අතුරුදන්

මගීන් 22 දෙනෙකු රැගත් සුඛෝපභෝගී සුපිරි යාත්‍රාවක් ඉතාලියේ සිසිලියානු වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී අනතුරට ලක්වී තිබෙනවා.

සිද්ධියෙන් එක් අයෙකු මියගොස් තවත් 6 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

අතුරුදන් වූ පුද්ගලයින් අතර ප්‍රංශ සංචාරකයින් දෙදෙනෙකු, අයර්ලන්ත ජාතිකයෙකු, නවසීලන්ත ජාතිකයෙකු , ශ්‍රී ලාංකිකයෙකු සහ බි්‍රතාන්‍ය ජාතිකයන් වන බවයි එරට ප්‍රවෘත්ති වාර්තා සඳහන් කළේ.

කෙසේ වෙතත් මෙම අනතුරින් බේරාගත් 15 දෙනෙකුගෙන් 08 දෙනෙකු රෝහල් ගත කර ඇති අතර අදාළ ශ්‍රි ලාංකිකයාද ඒ අතරට අයත්.

අද අලු‍යම 05ට පමණ අදාළ මුහුදු ප්‍රදේශයේ පැවති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මෙම යාත්‍රාව පෙරලී ගිලී ගොස් ඇති බව සඳහන්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *