සංවර්ධිත රටක් අනාගත පරපුරට දායක කිරීමට තමන් කැපවී සිටින බව ජනපති කියයි

ඉදිරි වසර කිහිපය තුළ සංවර්ධිත රටක් අනාගත පරපුරට දායක කිරීමට තමන් කැපවී සිටින බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ, සමස්ත දිවයින ආවරණය වන පරිදි පාසැල් සිසු සිසුවියන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරිමේ වැඩසටහනට ඊයේ (19) අරලියගහ මන්දිරයේ දී එක්වෙමින්.

එක් අධ්‍යාපන කලාපයකින් අ.පො.ස උසස් පෙළ හදාරන සිසු දරු දැරියන් 60 බැගින් තෝරාගෙන, කලාප 100ක් ආවරණය වන පරිදි එක් දරුවෙකුට මාසිකව රුපියල් 6,000 බැගින් සිසුන් 6,000ක් සඳහා මේ යටතේ අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනමනවා.

දිවයිනේ සමස්ත පාසල් 10,126 ආවරණය වන පරිදි 1 සිට 11 ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන සිසුන් සඳහා ද ශිෂ්‍යත්ව වැඩසටහනක් ක්‍රියාත්මක අතර, මේ වසරේ අප්‍රේල් මාසයේ සිට මාස 12ක කාලයක් දක්වා එක් දරුවෙකුට මාසිකව රුපියල් 3,000ක් බැගින් සිසුන් ලක්ෂයකට මේ යටතේ ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට නියමිතයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *