“සජිත්ගේ ආණ්ඩුව යටතේ පොදු ඩිජිටල් පහසුකමක් මුළු රටටම හඳුන්වා දෙනවා”

පොදු ඩිජිටල් පහසුකමක් මුළු රටට ම වසර දෙකක් තුළ හඳුන්වා දෙන්න කටයුතු කරන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා.

ඔහු මේ බව පැවසුවේ සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් සමගි ජන සන්ධානයේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය එළිදැක්වීමේ උත්සව අවස්ථාවට එක්වෙමින්.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක කියා සිටියේ සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් පොදු ඩිජිටල් පහසුකමක් මුළු රටට ම වසර දෙකක් තුළ හඳුන්වා දෙන්න කටයුතු කරන බවය.

මන්ත්‍රීවරයා කියා සිටියේ මේ රටේ සෑම පුරවැසියෙකුට ම අනන්‍ය කේත අංකයක් පලමුව ලැබෙන බවය.

ඒ පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක කියා සිටියේ “එමෙන්ම ඔබේ අනන්‍යතාව සඳහන් වෙන දේවල් හැඳුනුම්පත, රියදුරු ලයිසම, වාහන බලපත්‍රය, පාස්පෝට් එක, ගෙදර ඔප්පුව, බැංකු ගිණුම මේ යන ආදී වශයෙන් ඔබට තියෙන සියලු ම අනන්‍ය දර්ශක එක තනි අංකයකට ගැට ගැහෙනවා. ඒ ඔබේ ජාතික හැඳුනුම්පත් අංකය. ඒ අනුව ඔබ වාහනයක් ගන්න ගියත් ඔබ ඔප්පුවක් ගන්න ගියත්, රජයේ කාර්යාලයකට ගිහිල්ලා වෙන කටයුත්තක් කරන්න ගියත්, බැංකු ගිණුමක් ගන්න ගියත් ඔබ ඒ අනන්‍යතාවෙන් බැඳෙනවා. ඒ වගේ ම එම අනන්‍යතාව ඔබගේ ජංගම දුරකථනයට, ඔබගේ මොබයිල් ෆෝන් එකට ලැබෙනවා. දැනට මේ ෆෝන් එකෙන් අපි කතා කරනවා, වට්ස්ඇප් බලනවා, යූ ටියුබ් බලනවා, ටික්ටොක් කරනවා, ඉන්ටර්නෙට් යනවා නේද? මේවට අමතරව ඔබගේ රියදුරු බලපත්‍රය, ඔබගේ හැඳුනුම්පත, ඔබගේ බැංකු ගිණුම මේ සියල්ල ම ඔබගේ ජංගම දුරකථනයට වසර දෙකක් ඇතුළත ලැබෙනවා” පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක යැයි වැඩිදුරටත් කියා සිටියා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *