සජිත් ආණ්ඩුව ගන්න අපේක්ෂකයෝ කොළඹට කැඳවයි.

සමගි ජන බලවේගයෙන් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සාකච්ඡාවක් බත්තරමුල්ල මොනාච් ඉන්පිරියල් හෝටලේදී අද පෙරවරුවේදී පැවැත්වුණා

ඒ සඳහා සමග ජන බලවේගය නියෝජනය කර මහ මැතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයන් 262 දෙනා සහ ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් වන 29 දෙනාද එක්ව සිටීම විශේෂත්වයකි

මහා මැතිවරණය සිදු කරන ආකාරය සහ අභ්‍යන්තර කාරණා සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝව සාකච්ඡා කෙරුණු බව අපේක්ෂකයන් ප්‍රකාශ කළා

ඉන් අනතුරුව මාධ්‍යයට අදහස් දැක්වීම ඔවුන් සිදුකළ අතර එහිදී මහ මැතිවරණ ජයග්‍රහණය සිදුකරන්නේ කෙසේද යන්න සහ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් උදය ගම්මන්පිල මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ද දමිතා අබේරත්න ට ජාතික ලැයිස්තු ධූරය ලබා දෙනවාද නැද්ද යන්න පිළිබඳව සහ වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් මොවුන් මෙහිදී අදහස් දැක්වීම සිදුකළා

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චරිත හේරත්, ජේ සි අලවතුවල, සුජීව සේනසිංහ, හෙක්ටර් අප්පුහාමි, ගයන්ත කරුණාතිලක, හර්ෂ ද සිල්වා ,හර්ෂණ නානායක්කාර,දිලිත් වෙදආරච්චි,හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක යන අය මෙහිදී අදහස් දැක්වීම සිදුකළා

What's your reaction?

Related Posts

1 of 326

Leave A Reply

Your email address will not be published. Required fields are marked *