සටන් විරාම යෝජනාව ගැන තවදුරටත් සාකච්ඡා

ඊජිප්තුව සහ කටාර් රාජ්‍යයෙන් ඉදිරිපත් කරන ලද සටන් විරාම යෝජනාව සම්බන්ධයෙන් වූ සාකච්ඡා තවදුරටත් සිදු කිරීමට බලාපොරොත්තු වන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කළා.

අදාළ සටන් විරාම යෝජනාව පිළිගත් බවට හමාස් සංවිධානය සිදු කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිනුයි ඔහු මේ බව සඳහන් කර ඇත්තේ.

හමාස් නායක ඉස්මයිල් හනියේ, මෙම යෝජනාව පිළිගත් බවට කටාර් අග්‍රාමාත්‍යවරයා, ඊජිප්තු බුද්ධි අංශ ප්‍රධානියා වෙත දැනුම්දී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *