සති තුනට සංචාරකයෝ 120000ක්

මේ මස ගතවූ සති 03 තුළ සංචාරකයින් 120,000කට අධික පිරිසක් දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ඒ අනුව එම කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 127,925කි.

ඉන් වැඩි පිරිසක් ඉන්දීය ජාතිකයින් වන අතර එම සංඛ්‍යාව 30,442ක් වෙයි.

ඊට අමතරව බ්‍රිතාන්‍ය, චීන, ජර්මනි, නෙදර්ලන්තය වැනි රටවලින් ද සංචාරකයින් දිවයිනට පැමිණ තිබේ.

ඒ අනුව මේ වසරේ මේ දක්වා කාලය තුළ සංචාරකයින් 11 ලක්ෂ 38,174 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බවද ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *