සමගියේ හොරු එක්ක ඩීල් දේශපාලනයක් නැහැ සජිත්ගෙන් සහතිකයක්

සමගි ජන සන්ධානය හොරු සමඟ ඩීල් දේශපාලනයක් කිසිලෙසකත් ක්‍රියාත්මක නොකරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ ඊයේ (16) කුරුණෑගල පැවැති සමගි ජන සන්ධානයේ මංගල ජන රැළියට එක්වෙමින්.

එහිදී විපක්ෂනායකවරයා කියා සිටියේ සමගි ජන සන්ධානයේ දේශපාලන ගමන ක්‍රියාත්මක වන්නේ ප්‍රතිපත්ති මත පමණක් බවය.

බාර් ලයිසන් වලට මුදල් වලට මන්ත්‍රී ධුර ලබා නොදන බවත් සියළු මුදල් වියදම් කරන්නේ රටේ ජනතාවගේ සෞඛ්‍ය වෙනුවෙන් බව ඔහු කියා සිටියා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියේ තමන් සමඟ එකතුවූ මන්ත්‍රීවරුන් ඇමතිකම් අපේක්ෂාවෙන් සිය කණ්ඩායමට එක් නොවූ බවය.

අපි කණ්ඩායම ජනතාව රැවට්ටුවේ නැති බවත් හිස් ෆයිල් කවර පෙන්වලා ජනතාව මුලා නොකල බව ඔහු කියා සිටියා.

එමෙන්ම මෙවර ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම තමන් ජයග්‍රහණය කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් මෙහිදී කියා සිටියා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *