සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ලබන 22 වනදා එළිදකී

සමගි ජන සන්ධානයේ ජනාධිපතිධුර අපෙක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන 22 වනදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී එළිදැක්වීමට නියමිත බව නීතිඥ අජිත් පී පෙරේරා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (18) සමගි ජනබලවේග ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ අවස්ථාවේදී.

එහිදී ඔහු කියා සිටියේ ප්‍රතිපත්ති පමණක් නොව සමගි ජනබලවේගයට ශක්තිමත් කණ්ඩායමක් ද සිටින බවය.

එමෙන්ම ප්‍රතිපත්තියක් නොමැති කණ්ඩායමකට රජයක් පවත්වාගෙන යා නොහැකි බවත් රජයක් ගෙන යෑමට නම් දක්ෂ නායකයෙක් , කණ්ඩායමක් , ප්‍රතිපත්තියක් අවශ්‍ය බවත් ඒ සියලු සාධක තිබෙන්නේ සමගි ජනසන්ධානය සතුව බව ඔහු කියා සිටියා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *