සම්බන්ධන් තවමත් නිල නිවසේ

හිටපු විපක්ෂ නායක ආර්. සම්බන්ධන් ධුරයෙන් ඉවත්ව වසර 06ක් පමණ ගතව ඇතත් විපක්ෂනායකවරයාට හිමි කොළඹ 7, මහගම සේකර මාවතේ නිල නිවසේ දිගටම රැඳී සිටින බවට තොරතුරු වාර්තා වෙනවා.

පසුගිය 2015 වසරේ අගෝස්තු පැවති මැතිවරණයෙන් පසු ආර්. සම්බන්ධන් විපක්ෂ නායක ධුරයට පත්වීමත් සමඟ ඔහුට මෙම නිල නිවස ලබා දී තිබෙනවා.

2018 ඔක්තෝම්බර් 26 වැනිදා මහින්ද රාජපක්ෂ අගමැති ධුරයට පත් කිරීමත් සමඟ පිහිට වූ දින 52 ආණ්ඩුව වෙනස් කිරීමෙන් පසු මහින්ද රාජපක්ෂ විපක්ෂ නායක ධුරයට පත් වුවත් විපක්ෂ නායක නිල නිවස දිගටම පාවිච්චි කරනු ලැබුවේද ආර්. සම්බන්ධන් විසින්.

මෙම නිල නිවසේ ජල බිල්පත්, විදුලි බිල්පත්,දුරකථන බිල්පත් සහ නඩත්තු වියදම් රජය විසින් දරනු ලබන බවයි සඳහන් වෙන්නේ.

නිවසේ අලුත්වැඩියා කටයුතු හේතුවෙන් 2017 වසරේ රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයක මුදලක් වැයකර ඇති අතර මෙම නිල නිවසේ නඩත්තු කටයුතු සඳහා බංගලා භාරකරුවෙක්, අභ්‍යන්තර නඩත්තු කම්කරුවන් දෙදෙනෙකු ඇති අතර ඔවුන්ටද වැටුප් ගෙවනු ලබන්නේ රජයෙන් බවයි වාර්තා වෙන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *