සම්මුඛ පරීක්ෂණයක් සඳහා කැඳවාගත් තරුණ විවාහක කාන්තාවකට ලිංගික අපයෝජනයක් කළේ යැයි කියන ප්‍රසිද්ධ කෝටිපති ව්‍යාපාරිකයකු සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
ඉහළ වැටුපක් ලබාදී විධායක තනතුරකට පත්කරන බවට පොරොන්දු වී අදාළ තරුණිය මෙසේ සම්මුඛ පරීක්ෂණයක් සඳහා කැඳවා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
වට්ස්ඇප් ඔස්සේ එම ව්‍යාපාරිකයා පැමිණිලිකාර කාන්තාව හඳුනාගෙන ඇති අතර සම්මුඛ පරීක්ෂණය සඳහා පැමිණෙන ලෙසට ඔහු කළ දැනුම්දීමක් අනුව එම තරුණිය ඇගේ සැමියා සමග කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි සුඛෝපභෝගි මහල් නිවාස සංකීර්ණයක පිහිටි නිවසකට ගොස් තිබෙනවා.
පසුව ඇගේ සැමියාව පහළ මාලයේ රඳවා තරුණ විවාහක කාන්තාව උඩුමහලේ පිහිටි කාමරයකට ගෙන ගොස් මෙසේ අපයෝජනයට ලක් කර ඇති බවයි මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.