සමිට්පුර චතූ සහ බබී දිවයිනට රැගෙන එයි

ඩුබායි රාජ්‍යයේදී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද අලුයම දිවයිනට රැගෙන ආ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනාගෙන් මේ වනවිට පොලිසිය ප්‍රකාශ සටහන් කරගනිමින් සිටිනවා.

මෙලෙස කටුනායක ගුවන් තොටුපලින් දිවයිනට රැගෙන එනු ලැබුවේ මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති දිමුතු චතුරංග පෙරේරා හෙවත් සමිට්පුර චතූ සහ දිනේෂ් ශාමන්ත ද සිල්වා හෙවත් බබී නැමැත්තායි.

මොවුන් පසුගිය පෙබරවාරි මාසයේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන මන්නා රමේෂ් නැමැත්තාගේ සාදයකට එක්ව සිටියදී ඩුබායි පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

අද දිවයිනට රැගෙන ආ සැකකරුවන් දෙදෙනාට රතු වරෙන්තු ද නිකුත් කර තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගුවන් තොටුපල කාර්යාලය භාරයේ සිටින ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට සහ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයට භාරදීමට නියමිතයි

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *