“සරසවිවලට දේශපාලනය අවශ්‍ය නෑ” – ජනපති

විශ්වවිද්‍යාලය තුළ දේශපාලනය කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

මඩකලපුව, පූනානි ප්‍රදේශයේ ඉදිකරන ලද විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලය සිසු අයිතියට පත් කිරීම වෙනුවෙන් අද (20) පැවති උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

මෙහිදී වැඩිදුරටත් අදහස දක්වා ඇති ජනාධිපතිවරයා,

“දරුවන්ට නිදහසේ ඉගෙන ගැනීමට නම් මේ රටේ විශ්වවිද්‍යාල ක්‍රමය ප්‍රතිසංවිධානය කළ යුතුයි. මම මෙහෙම කිව්ව එක ගැන හෙට ඉඳන් සමාජ මාධ්‍යවලින් මට දොස් පවරන්න පුළුවන්. විශ්වවිද්‍යාලය තුළ දේශපාලනය කරන්න අවශ්‍ය නැහැ.

විශ්වවිද්‍යාල පද්ධතිය තුළින් තර්ජනකාරී දේශපාලනය ඉවත් විය යුතුයි. විශ්වවිද්‍යාලය තුළදී තමන් කැමති පාඨමාලාවක් තෝරා ගැනීමේ අයිතිය සිසුන්ට ලබාදිය යුතුයි. අපේ පාසල් හා විශ්වවිද්‍යාල පද්ධතිය කඩාකප්පල් නොකර විධිමත් අධ්‍යාපන ආයතන බවට පත් කළ යුතුයි.

මෙම විශ්වවිද්‍යාලය දියුණු වුවහොත් අනෙකුත් විශ්වවිද්‍යාල පද්ධතියද දියුණු වෙයි කියා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මෙවැනි තවත් විශ්වවිද්‍යාල ඇතිවනු ඇතැයි අපේක්ෂා කරනවා.”

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *