සල්මාන්ගේ නිවසට වෙඩි තිබූ සැකකරුවන් අත්අඩංගුවට

ඉකුත් ඉරිදා පෙරවරුවේ සුපිරි බොලිවුඩ් නලු සල්මාන් ඛාන්ගේ බන්ද්‍රාහි පිහිටි නිවසට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ යැයි කියනු ලබන සැකකරුවන් දෙදෙනෙකු ඊයේ දිනයේ දී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

මුම්බායි පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති මෙම සැකකරුවන් දෙදෙනා නමින් විකී ගුප්තා සහ සාගර් පල් ලෙස හඳුනාගෙන ඇති අතර, ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇත්තේ, ගුජරාටයේ බුජ් ප්‍රදේශයේ දී යි.

බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ බන්ද්‍රා නිවසින් පිටත ඉරිදා වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ යැයි කියනු ලබන සැකකරුවන් දෙදෙනා සඳුදා ප්‍රමාද වී මුම්බායි පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

බිහාර් ප්‍රාන්තයේ චම්පරන් ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මෙම සැකකරුවන් දෙදෙනා, මුම්බායි සිට සූරත් වෙත පලා යමින් සිටි බවත් එම මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

මේ අතර ඉන්දීය මාධ්‍ය ඒකාබද්ධ පොලිස් කොමසාරිස් (අපරාධ) ලක්මි ගෞතම් උපුටා දක්වමින් පවසන්නේ, “උසාවියට ඉදිරිපත් කරන ඔවුන් නගරයට ගෙන එනවා. වෙඩි තැබීමේ කොන්ත්‍රාත්තුව ඔවුන්ට ලබා දුන්නේ කවුරුන් ද යන්න සොයා ගැනීමට අපි විත්තිකරුවන්ගෙන් ප්‍රශ්න කරනවා,” යනුවෙන්.

තව ද සිය ආරංචි මාර්ග උපුටා දක්වමින් ඉන්දියන් එක්ස්ප්‍රස් ප්‍රවෘත්ති සේවය සඳහන් කරන්නේ, මෙම පුද්ගලයන් දෙදෙනා ලෝරන්ස් බිෂ්නෝයි කල්ලියේ අණට අනුව කටයුතු කරන්නට ඇති බවත්, වෙඩි තැබීමේ සිද්ධියෙන් පසුව, දැනට සිරගතව සිටින ලෝරන්ස්ගේ බාල සොහොයුරා වන අන්මෝල් බිෂ්නෝයි ප්‍රහාරයේ වගකීම භාර ගෙන ඇති බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *