සහනාධාර ගැන ඡන්ද කොමිසමේ තීන්දුව

2024/ 2025 මහ කන්නයේ වගා කටයුතු සදහා පොහොර ලබාදීම, ධීවරයන් සදහා වූ සහනාධාර මෙන්ම සැප්තැම්බර් මාසයේ හිග මුදලද සමග ඔක්තෝම්බර් මාසයට ගෙවීමට නියමිත විශ්‍රාමික වැටුප් සදහා වැඩි කළ දීමනාව නැවත ක්‍රියාත්මක කිරීම පිළිබදව මැතිවරණ කොමිෂන් සභාවේ විරුද්ධත්වයක් නොමැති බව ප්‍රකාශයට පත් කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේ, පසුගිය ජනාධිපතිවරණ කාල සිමාවට පමණක් එම කටයුතු අත්හිටවූ බවයි.

මේ අතර, ශ්‍රි ලංකා වරාය අධිකාරියේ කළමණාකාර අධ්‍යක්ෂ තනතුර සදහා නව කළමණාකරන අධ්‍යක්ෂකවරයෙකු පත් කර ඇති බවත්, එම තනතුරේ දැනට සේවය කරන ප්‍රභාත් ජේ මලවිගේ ඉවත් කර කිරීමට කටයුතු කිරීමේ තීරණය මැතිවරණ කොමිසම අත්හිටුවා තිබෙනවා.

What's your reaction?

Related Posts

1 of 286

Leave A Reply

Your email address will not be published. Required fields are marked *