ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා…
ඩඩ්ලිත් එක්ක මට පෞද්ගලික අමනාපයක් නැහැ..
සහල් ඒකාධිකරේ පටන් ගත්තේ අද නොවේ..
සහල් ප්රශ්නය පිළිබඳ අද ජනාධිපතිවරයා සමග පැවති හමුවෙන් පසුව ඩඩ්ලි සිරිසේන මහතා විසින් හර්ෂද සිල්වා මහතා පිළිබඳ කළ ප්‍රකාශයක් පිළිබඳ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මාධ්‍ය වෙත අදහස් දැක්වූවා…
……………………………………
ඩඩ්ලි මහත්තයත් එක්ක පෞද්ගලික අමනාපයක් මගේ නැහැ.
දේශපාලනයට එහා ගිය දෙයක් මෙතන තියෙන්නේ..
මට අභියෝගාත්මකව කතා කළා..ඒක මට ගැටලුවක් නෑ..
අනුර කුමාර මට කියන්න තියෙන්නේ මෙච්චරයි..
සහල් ඒකාධිකරය අද පටන් ගත් දෙකක් නෙමේ..
අනුර කෘෂිකර්ම ඇමති කාලෙත් තිබුණා..
ජනාධිපතිතුමාට අනතුරු හැඟවීමක් කරනවා ..
සහල් මිල පාලන මිල ගැසට් එකකින් ගහලා තියෙනවා..
පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ සහල් වලට මොකක් වෙයිද කියලා මම දන්නෙ නෑ..
ලොකු මෝල් හිමියෝ මේවා ගබඩා කරගෙන ඉන්නවා.මේක හැමදාම සිද්ධ වෙනවා..
ගබඩා කරපු සහල් නිකුත් කරන්නේ යම්කිසි ප්‍රමාණයක් පමණයි
ඩඩ්ලි සිරිසේන තමයි ප්‍රෙස් කම්පන සියල්ල කිව්වේ අපි පාඩුවට හරි පාලන මිලට දෙනවා කියලා
ඔහුව මම සඳහන් කළේ ඔය කාරණාව නිසා..
මේකට විසඳුම තමයි කුඩා හා මධ්‍යය පරිමාණ සහල් නිෂ්පාදකයන්ගේ සම්ප්රකාරය ශක්ති සහල් ව්‍යාපාරය..
වෙළඳපොලේ තරඟය නැති නිසා තමයි මේ ප්රශ්නය ඇතිවෙලා තියෙන්නේ..
මම ඉන්නෙත් අනුරාගේ පැත්තෙ තමයි මේ ප්‍රශ්නෙද ඉන්නේ දේශපාලනයකින් තොරව..සාධාරණ මිලකට පාරිභෝගිකයකට සහල් ලබාදීමයි..