ස්ටබ්ස් පළිහ බොක්සින් සූරතාවය 18 වෙනි වරටත් දිනා ගැනීමට මහනුවර ශාන්ත සිල්වෙස්ට විද්‍යාලය සමත් වුණා..
ඔවුන් මෙවර ශූරතාවය දිනාගත්තේ අඛන්ඩව හතරවෙනි වරටයි..
එකසිය පස් වෙනි ස්ටබ්ස් අන්තර් පාසල් බොක්සින් තරගාවලිය කොළඹ රාජකීය විද්‍යාලිය විද්‍යාලීය මාස් ඇරීනා බොක්සින් වළල්ලේදී ඊයේ නිමාව දුටුවා..
මෙම තරගාවලිය දින පහක් පුරා පැවැත්වුණා..
සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය රන් පදක්කම් හතරක් රිදී පදක්කම් දෙකක් දිනා ගනිමින් සමස්ත බාලක සූරතාවය හිමිකර ගත්තා..
කොළඹ රාජකීය විද්‍යාලය රන් පදක්කම් තුනක් රිදී පදක්කම් තුනක් ලෝකඩ පදක්කමක් සමගින් අනුශූරතාවය හිමිකරගත්තා..
රන් පදක්කම් තුනක් රිදී පදක්කමක් දිනා ගත් කොටගල සිරි පැරකුම් විද්‍යාලය මෙහි බාලිකා සූරතාවය හිමිකර ගැනීමට සමත් වුණා..
එහි අනුශූරතාවය දිනා ගත්තේ රන් පදක්කම් තුනක් දිනාගත් රතන මධ්‍ය මහා විද්‍යාව ගෙළිඔය ශ්‍රී ප්‍රඥා රතන මධ්‍යමහා විද්‍යාලයයි..
සමස්ත සූරතාවේ දක්ෂතම ක්‍රීඩකයා කොළඹ රාජකය විද්‍යාලයේ කණ්ඩායම් නායක තෙනුවන් බණ්ඩාර මීගල්ල ක්‍රීඩකයා..
තරගාවලියේ දක්ෂතම ක්රීඩකාවව වූයේ මහනුවර හේම මාලි බාලිකාවිද්යාලයේ චතුනි ජගත්යා සිරිවර්ධන..
අධ්‍යාපන අමාත්‍යංශය,සහ පාසැල් බොක්සින් සංගමය විසින් කොටසක් ලෙස සමස්ත ලංකා ජාතික පාසල් උළෙලේ කොටසක් ලෙස මෙම තරගාවලිය සංවිධානය කළා..
මෙම තරගාවලියට පාසල් එකසිය එකසිය තිස් දෙකකින් ක්‍රීඩක ක්‍රීඩකාවන් පන්සියයකට ආසන්න පිරිසක් සහභාගි වුණා..
සූරතාවය සඳහා බරපන්ති 36කින් තරඟ වැදුනා..