සාහිත්‍යාවලෝකනාභිමානි සහ කාර්ය සාදන ඇගයීම් සම්මාන ප්‍රධාන උත්සවය

උත්සවය අද (12)දින කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාරවර හනීෆ් යුසුෆ් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් එස්. එල්. ධම්මිකා කේ.විජයසිංහ මැතිනිය, බස්නාහිර පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ඒ.ඩී. එස් සදිකා මැතිනිය හා පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මැතිනිය යන අයගේ සහභාගිත්වයෙන් පැවැත්වීය.
මෙම උත්සවයේදී බස්නාහිර පළාතේ සාහිත්‍ය තරඟාවලිය ජයගත් සිසු සිසුවියන්ට මෙන්ම හොඳම මහජන පුස්තකාලය, හොඳම ආයුර්වේද බෙහෙත් ශාලාව,හොඳම ගුණාත්මක පෙර පාසල ඇගයීමට ලක් කෙරෙන අතර ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රදානය කළා.

What's your reaction?

Related Posts

1 of 636

Leave A Reply

Your email address will not be published. Required fields are marked *