“සැමට ජයක්” ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වයි

සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය “සැමට ජයක්” නමින් අද (29) එළිදක්වනු ලැබුවා.

ඒ‍, මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේදී දන්න ධාතූන් වහන්සේට එම ප්‍රතිපත්ති ප්‍රකාශනය පූජා කර ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුවයි.

පසුව, සැමට ජයක් ප්‍රතිපත්ති ප්‍රකාශය සජිත් ප්‍රේමදාස මහතා විසින් මල්වතු – අස්ගිරි මහනාහිමිවරුන් වෙත ද පිළිගන්වා ආශිර්වාද ලබාගත්තා.

සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ සමගි ජන සන්ධානයේ පක්ෂ නායකයින් ඇතුළු නියෝජිතයින් අද (29) දහවල් මහනුවර ශ්‍රි දළදා මාලිගාවට පැමිණියේ ඉදිරි පස් අවුරුද්ද සඳහා රට ගොඩනංවන “සැමට ජයක්” ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයට ශ්‍රී දළඳා සමිදුන්ගේ ආශිර්වාදය ලබා ගැනීමටයි.

ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු නියෝජිතයින් දළඳා සමිඳුන් වෙත මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනය පූජා කර රට ගොඩනැඟීම සඳහා ආශිර්වාද ලබාගත්තා.

දළදා සමිඳුන්ගේ ආශිර්වාදය ලබාගත් ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස “සැමට ජයක්” ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය සම්බන්ධයෙන් අදහස් පළකළා.

අනතුරුව මල්වතු මහා විහාරය වෙත පැමිණි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එහිදී මල්වතු පාර්ශ්වයේ මහා නායක සහ අනුනායක හිමිවරුන් වෙත “සැමට ජයක්” ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිගන්වා ආශිර්වාද ලබාගත්තා.

සජිත් ප්‍රේමදාස ඉන් අනතුරුව සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අස්ගිරි පාර්ශ්වයේ මහා නායක සහ අනුනායක හිමිවරුන් වෙත පිළිගන්වමින් ආශිර්වාද ලබාගත්තා

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *