සිම්බාබ්වේ හි නව මුදල් ඒකකය ඩොලරයට සාපේක්ෂව බොහෝ සෙයින් අතිප්‍රමාණය වෙයි

සිම්බාබ්වේ හි නව මුදල් ඒකකය වන ZiG, පෙරෙදා (09) දිනයේ හඳුන්වා දුන් අතර එය ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව බොහෝ සෙයින් අතිප්‍රමාණය වී ඇතැයි වාර්තා වෙනවා.

සිම්බාබ්වේ රිසර්ව් බැංකුවේ වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කරන ලද දත්ත වලට අනුව එය එක්සත් ජනපද ඩොලරය හමුවේ 0.2%ක වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා.

ක්‍රියාකාරී දේශීය මුදල් ඒකකයක් නිර්මාණය කිරීම අරමුණු කර ගනිමින් පසුගිය සිකුරාදා සිට ZiG වෙළඳාම් කිරීම ආරම්භ කෙරුණු අතර එහි එහි අගය ඇමරිකානු ඩොලරයකට ZiG 13.56 ලෙස දැක්වුනා.

සිම්බාබ්වේ ඩොලරය දිනෙන් දින අවප්‍රමාණය වීමත් සමඟ එය පසුගිය අප්‍රේල් 05 වන දා සිටා භාවිතා කිරීම අත්හිටවනු ලැබුවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *