සිසුවියකට හදි කළ නර්තන ගුරුවරයෙක් අත්අඩංගුවට

බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේ කාමරයක් තුල දී 16 හැවිරිදි ශිෂ්‍යාවකට ලිංගික අතවර කල බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පැලවත්ත අධ්‍යාපන අමාත්‍යාංශයේ සේවකයෙකු ලෙස සේවය කළ පෞද්ගලික නර්තන ගුරුවරයෙකු සැකපිට තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලිංගික අතවරයක් කිරීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත ප්‍රකාශයක් ලබා දීම සදහා සැකකරු පැමිණි අවස්ථාවේදී මූලික විමර්ශණයකින් අනතුරුවයි සැකකරු අඩංගුවට ගෙන ඇත්තේ.

මෙම සැකකාර නර්තන ගුරුවරයා විසින් තවත් බාලවයස්කාර දැරියකට අතවර කිරීමක් සම්බන්ධයෙන් ඉකුත් 13වැනි දින හංවැල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හැර සිටින අයෙකු බවයි පොලිසිය සඳහන් කළේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *