සුඛෝපභෝගී වාහන වෙන්දේසි කරන්නෙ නෑ, අත්‍යවශ්‍ය සේවාවලට ලබා දෙනවා

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ගාල් කර ඇති සුඛෝපභෝගී වාහන වෙන්දේසි නොකරන බව ජනාධිපති පෞද්ගලික ලේකම් ආනන්ද විජේපාල ප්‍රකාශ කරයි. වාහන 107ක් ස්ථාන තුනක ගාල් කර ඇති බව ද හෙතෙම සඳහන් කරයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ පසුගිය රජය විසින් මෙම වාහන ලබාදී ඇත්තේ උපදේශක තනතුරු වැනි විවිධ තනතුරු නිර්මාණය කර හුදෙක් තම හිතවතුන්ට වරප්‍රසාද ලබාදීමේ අරමුණින් බව ය.

“අකිල විරාජ්, රුවන් විජේවර්ධන, ආශු මාරසිංහ, රෝසි සේනානායක, සමන් රත්නප්‍රිය, රංජිත් කීර්ති තෙන්නකෝන් වගේ අය වාහන ආපහු බාර දීපු අය අතර ඉන්නවා.”

වාහනවල යතුරු ජනාධිපති ලේකම් කාර්යාලයට ලැබී ඇති අතර ඒවා ඉන්වෙන්ටරි අවසන් කර ඇති බවද ඔහු පැවසීය.

“අපි වාහන ඉන්වෙන්ටරි සමාලෝචනය කරලා අවශ්‍යතා මත රෝහල්, පොලිසිය සහ අධ්‍යාපන අමාත්‍යාංශය වැනි අත්‍යවශ්‍ය සේවාවන් වෙත ලබා දෙන්න කටයුතු කරනවා.”

ජනාධිපති ලේකම් කාර්යාලයට වෙනත් රාජ්‍ය ආයතනවලින් වාහන 59ක් පමණ ලබාගෙන තිබෙන බවත්, ඒවා නැවත අදාළ ආයතනවලට භාර දෙන බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන තොග 833 න් යතුරුපැදි ඇතුළු වාහන 29ක් අතුරුදන් වී ඇති බව ද, ආනන්ද විජේපාල පෙන්වා දෙයි.

“අතුරුදහන් වූ වාහන සම්බන්ධයෙන් අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරනවා. වාහන ආනයනය තහනම් කර තිබියදී 2022 දී ජනාධිපති ලේකම් කාර්යාලයට වාහන 16ක් පමණ මිලදී ගෙන තිබෙනවා,”

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *