සුහුරු රටක් ගොඩනගන්න නම් සුහුරු ප්‍රතිපත්තියක් තිබිය යුතුයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

සුහුරු රටක් ගොඩනගන්න නම් සුහුරු ප්‍රතිපත්ති ක්‍රියාත්මක විය යුතු බවත් මොහොතින් මොහොත ලෝකයේ සිදුවන තාක්ෂණික විපර්යාස ගැන එම දත්ත තොරතුරු පාසල් දරුවන්ට ලබා දිය යුතු බවත් පන්ති කාමරයට පමණක් වෙන් වූ අධ්‍යාපනයට වඩා ලෝකයට විවෘත වූ අධ්‍යාපන ක්‍රමයක් සකස් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ (ජූලි 10) කැස්බෑව මඩපාත බටුවන්දර කණිෂ්ඨ විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 305 වැනි අදියර යටතේ රුපියල් 1,177,000ක් සුහුරු පන්ති කාමර උපකරණ සහ ශබ්දකෝෂ රැසක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහි දී පාසල් සංවර්ධන ගිණුමට රු. ලක්ෂයක මුදලක් පරිත්‍යාග කළේය.

ජාතිි ආගම් කුලමල පන්ති පක්ෂ භේද නොසලකා ඒවා පසෙකලා ජාතික අරමුණක් හා ප්‍රමුඛතාවක් සහිත සුහුරු රටක් ගොඩනැගිය යුතු බවත් දැනුම කේන්ද්‍රීය ගමනක් හා ආර්ථිකයක් ගොඩනැගිය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

දෙමාපියන් පුළුවන් තරම් දරුවන් හා දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කැපවෙන ලෙස ඉල්ලා සිටින බවත් දරුවන්ට ලබා දියයුතු සුබවාදී පරිසරය නිර්මාණය කර අධ්‍යාපනයෙන් ඉදිරියට යාමට මාර්ගය විවෘත කරන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දී ඉල්ලා සිටියේය.

එසේම දරුවන් ද ප්‍රශස්ත ප්‍රබුද්ධ ශීලාචාර ශිෂ්ටසම්පන්න පුරවැසි පරපුරක් නිර්මාණය කිරීමට දායක වන ලෙසත් ඒ වෙනුවෙන් අවශ්‍ය සුහුරු අධ්‍යාපනය ජාතික ප්‍රතිපත්තියක් ලෙස සකස් කරන බවත් ඒ සඳහා දායක වන අධ්‍යාපනයේ ප්‍රධාන මානව සම්පත් 7ම රැකගන්නා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ජන සමාජය තුළ තොරතුරු තාක්ෂණ විප්ලවය සත්‍යක් යථාර්ථයක් කළ යුතුු බවත් එහි දී දරුවන්ට සුහුරු උපකරණයක ප්‍රවේශය ලබා දෙන බවත් ඒ හරහා අන්තර්ජාලය හරහා නව දැනුම ලබා ගෙන නව ක්‍රමවේද හරහා ඉගෙන ගන්නා පරිසරය ඇති කරන බවත් සමගි ජන බලවේගයේ ප්‍රතිපත්තිය වන්නේ පළමුව අධ්‍යාපනය බවත් ඒ සඳහා දිය හැකි ඉහළම ආයෝජන ලබා දී පෞද්ගලික අධ්‍යාපනයත් නිදහස් අධ්‍යාපනයත් අතර ඇති ⁣වෙනස නැති කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 61කට රුපියල් ලක්ෂ 1837ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 89ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 89ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4342ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 305ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3356ක් වැය කර තිබේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *