ප්‍රවීන ගායන ශිල්පී රෝහණ බැද්දගේ විසින් සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද පිළිබඳ ගීතයක් විකෘති කර සමාජ මාධ්‍ය වෙත මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරියා අප්‍රේල් 22 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
අවුරුදු ගිතය විකෘති කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක පිට සුරාබදු නිලධාරීයෙකු පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.