හරිනි දැන් රනිල් වගේ වෙලා. බලය නැති කාලයේ තිබුණු නිහතමානීකම නැතිවෙලා

රවි කුමුදේශ් එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ මාධ්‍ය ප්‍රකාශක

හරිනි අගමැති උනාට පස්සේ ඇයගේ ප්‍රකාශ වල තියෙන්නේ දේශපාලනයට වඩා උද්දච්චකම. ඇය රනිල් වික්‍රමසිංහගේ දේශපාලන භාවිතාව අනුගමනය කරන කෙනෙක් බවට පත්වෙලා. ඇයට මේ රටේ මිනිස්සු ඡන්දය දුන්නේ ඇයගේ නිහතමානීකමට. ප්‍රතිවාදියෙක් වුණත් වේදිකාවක දේශපාලන විවේචනයක් කරනකොට ඒකට අදාල ප්‍රතිඋත්තරය දේශපාලනික වශයෙන් වැදගත්කමක් ඇති විදිහට ලබාදෙන්න අපේ රටේ දේශපාලකයන් පුරුදුවෙන්න ඕනේ. එහෙම නැතුව බලය ලැබුණු පසු වෙනස් වෙන, අනිකාගේ මත නොඉවසන, ඒවා අවඥාවට ලක් කරන දේශපාලන භාවිතාවකින් සැබෑ ක්‍රම වෙනසක් ඇති කරන්න බැහැ.

පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු වෘත්තිය සමිති විසුරුවා හරිනවාය කියන ප්‍රකාශය අපි හෙළා දකිනවා

කොළඹ දිස්ත්‍රික්කයේ ජාතික ජන බලවේගයේ අපේක්ෂකයෙක්, මැතිවරණයෙන් පසු වෘත්තිය සමිති විසුරු වාහන බවත්, වෘත්තීය සමිති ජනතාව පීඩාවට පත් කරන බවත් ප්‍රකාශ කර තිබුණා. මේක ජාතික ජන බලවේගයේ හෝ ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවේ නිල ප්‍රකාශයද කියලා ජනාධිපතිවරයා විසින් නිශ්චිත ප්‍රකාශයක් කළ යුතුයි. අපේක්ෂකයෙ කුලාවා මෙවන් ප්‍රකාශයක් කරමින්, බලය ලබාගත් පසු ඊට ජනතා එකඟතාවයක් ඇති බව ප්‍රකාශ කිරීමේ අවදානමක් තිබෙනවා. එනිසා වෘත්තීය සමිති පිළිබඳව ආණ්ඩුවෙන් මතය එය නම්, මැතිවරණයට පෙර එය නිශ්චිතව ප්‍රකාශයට පත් කිරීමේ වගකීමක් ආණ්ඩුවට තිබෙනවා. කොහොම නමුත් ඉතිහාසය පුරාවට ආණ්ඩු පෙරළීම සඳහා අනවශ්‍ය වැඩවර්ජන පවා සිදුකිරීමට නායකත්වයක් දුන් පක්ෂයක් විදිහට වෘත්තීය සමිති ජනතාව පීඩාවට පත් කළ බව හිටිහැටියේ මතක් වීම පිළිබඳව අපි කණගාටු වෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති දේශපාලන උවමනාව වෙනුවෙන් ජනතාව පීඩාවට පත් කළාට, මේ රටේ බහුතරයක් වෘත්තිය සමිති තම අයිතිවාසිකම් මෙන්ම මහජන සේවාවන්ද රැක ගැනීමට විශාල දායකත්වයක් ලබා දුන්නා.

What's your reaction?

Related Posts

1 of 440

Leave A Reply

Your email address will not be published. Required fields are marked *