“හරිනි සහෝදරිය සිස්ටම් චේන්ජ් කියන එක ලාබේට පාවිච්චි කරන්න එපා”

සිස්ටම් චේන්ජ් කියන වචනය ලාබේට පාවිච්චි කරන්න එපා යැයි අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසුරිය සහෝදරියට කියා සිටින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් පවසනවා.

ඔහු මේ බව පැවසුවේ වරකාපොළ පැවති ජන හමුවකට එක්වෙමින්.

එහිදී ඔහු කියා සිටියේ සිස්ටම් චේන්ජ් කියන්නේ මන්දිරවලින් එළියට ඒම පමණක් නොවන බවත් ඇමැති ආරක්ෂකයින් ඉවත් කර සංදර්ශන පැවැත්වීම නොවන බවයි.

ඒ කිසිදු දෙයකින් රටේ ආර්ථිකයට ජනතාවට කිසිදු සහනයක් නොලැබෙන බව ඔහු කියා සිටියා.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ සාකච්ඡා තුනක් සිදු කර ඇති නමුත් පරණ ආණ්ඩුව ගිය පාරේම වත්මන් ආණ්ඩුව යන බව කුමාර් ගුණරත්නම් මෙහිදී කියා සිටියා.

රනිල් වික්‍රමසිංහ , ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගෙන ගිය පැරණි වැඩපිළිවෙළම වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ක්‍රියාත්මක කරන බව ඔහු පවසා සිටියා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ තව බදු වර්ග දෙකක් ඇති කිරීමට සැලසුම් කර තිබු බව කුමාර් ගුණරත්නම් කියා සිටියා.

ඡන්දය ගන්න ඡන්ද කාලේ කියපු කතා නිසා දැන් ජනතාව ඒ දිහා බලා සිටින බව කුමාර් ගුණරත්නම් වැඩිදුරටත් කියා සිටියා.

What's your reaction?

Related Posts

1 of 119

Leave A Reply

Your email address will not be published. Required fields are marked *