හිටපු ඇමති ෂෙහානුයි, හිටපු ආණ්ඩුකාර නවීනුයි මහ ඡන්දෙට නොඑයි

එළඹෙන මහ මැතිවරණය සඳහා හිටපු රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සහ බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර නවීන් දිසානායක තරග නොකරන බවට ඔවුන් නිවේදන නිකුත් කරමින් සඳහන් කරනවා.

මැතිවරණයට ඉදිරිපත් නොවුණත් දේශපාලන කටයුතු වලින් ඉවත් නොවන බවත්, ඔහු කෙරෙහි තැබූ විශ්වාසය මත පාර්ලිමේන්තුවට පත් කළ අනුරාධපුර ජනතාව වෙනුවෙන් ඉදිරියටත් සේවය කිරීමට කටයුතු කරන බවත්, රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ එම නිවේදනයේ සඳහන් කර තිබෙනවා.

එමෙන්ම බලය ලබා ගැනීමට මෙන්ම, බලය අත් හැරීමටද ඔවුන්ට හැකියාව තිබිය යුතු බව විශ්වාසය කරන බවත්, ඉදිරියේ දී රටට අවශ්‍ය ඕනෑම වෙලාවක තමාගේ සේවය ලබා දීමට නිරහංකාරව ඉදිරිපත් වීමට සූදානම් බවත්, එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

මේ අතර, X පණිවිඩයක් නිකුත් කරමින් බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර නවීන් දිසානායක සඳහන් කර ඇත්තේ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණය දී ලක්ෂ 22ක ඡන්දයක් ගෑස් සිලින්ඩර් ලකුණින් තරග කර ලබාගත් අතර, මෙවර එම ලකුණින්ම තරග කළහොත් සැබෑ එජාප අපේක්ෂිකයන්ට අසාධාරණයක් වනු ඇති බවයි.

එමෙන්ම තමා දූෂණයට හෝ දූෂිත පුද්ගලයින්ට සම්බන්ධ නොවී ගාමිණී දිසානායක පදනමේ, ශ්‍රී ලංකා ක්‍රිකට් පදනමේ සහ මහවැලි සංස්කෘතික භාරයේ සභාපති ලෙස තවදුරටත් සේවය කරමින් ශ්‍රී ලංකකීය ජනතාවට සමාජීය වගකීම ඉටුකරමින් සහ අයුක්තිය අසාධාරණය, දූෂණය වෙනුවෙන් නීතිඥවරයෙක් ලෙස මෙරටට සේවය කරමින් උපරිමයෙන් කටයුතු කරන බවත්, ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

What's your reaction?

Related Posts

1 of 296

Leave A Reply

Your email address will not be published. Required fields are marked *