හිටපු ජනපති මෛත්‍රීට ස්ථිර අතුරු තහනම් නියෝගයක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට නිදහස් පක්ෂ සභාපති ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අද තවත් වාරණ නියෝගයක් නිකුත් කළා.

ඒ එම පක්ෂයේ හිටපු විධායක සභික මොන්ටිගූ සරත් චන්ද්‍ර ගොනු කර තිබූ පැමිණිල්ලක් විභාගයට ගත් අවස්ථාවේදීයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිදහස් පක්ෂ ව්‍යවස්ථාවට අනුව ජනාධිපති ධූරය අහෝසි වීමෙන් අනතුරුව එම පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරිම නීතීඥානූකූල නොවන බව පවසමිනුයි ඔහු පැමිණිල්ල ගොනු කර තිබුණේ.

මීට පෙර හිටපු ජනාධිපතිවරයාට නිදහස් පක්ෂ සභාපති ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කළේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග ගොනු කළ පැමිණිල්ලක් සළකා බැලිමෙන් අනතුරුවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *