හිටපු ජනාධිපති රනිල් සහ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් සමග තවත් සාකච්ඡාවක්.

මහ මැතිවරණය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ පසුගිය ජනාධිපතිවරණයේදී ඔහුට සහය පළ කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අතර තවත් සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඊයේ පස්වරුවේ මෙම සාකච්ඡාව පැවැත්වුණේ, කොළඹ මල් පාරේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ මැතිවරණ කාර්යාලයේදියි.

මේ අතර සමගි ජන බලවේගයේ නාමයෝජනා මණ්ඩලය ලබන සඳුදා කොළඹදී රැස්වීමට නියමිතව තිබෙනවා. එම පක්ෂය සමඟ මහ මැතිවරණයට තරග කිරීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පළ කළ හිටපු මන්ත්‍රීවරුන් පිරිසක් කැමැත්ත පළ කර ඇති බවයි වාර්තාවන්නේ.

එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකු මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ ආසන සංවිධායක වරුණ රාජපක්ෂ සහ යටිනුවර ආසන සංවිධායක මහේෂ් සේනානායක ඊයේ, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවී සමඟි ජනබලවේගයට සහය පළ කළා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *