හිටපු බන්ධනාගාර ඇමතිගේ බිරිඳත් බන්ධනාගාර ගත කරයි

හොර වාහන සිද්ධියට ලොහාන්ගේ බිරිඳත් රිමාන්ඩ්

ලොහාන් රත්වත්තේගේ බිරිඳ වන රෂි ප්‍රභා රත්වත්තේ ලබන 07 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබේ. අද දින ගංගොඩවිල අධිකරණයේදී ඇය බන්ධනාගාර ගත කරනු ලැබුවා
පසුව ඇය බන්ධනාගාර බස් රථයෙන් වැලිකඩ බන්ධනාගාරය වෙත ගෙන එනු ලැබුවා

ලියාපදිංචි නොකළ මෝටර් රථයක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් ඇය නීතිඥයකු මාර්ගයන් අද අධිකරණයට භාරවී තිබිණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පසුගියදා අත්අඩංගුවට ගත ලොහාන් රත්වත්තේ රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව, අසනීප තත්වයක් හේතුවෙන් බන්ධනාගාර රෝහලටත් පසුව කොළඹ ජාතික රෝහලටත් යොමුකර ඇත.

What's your reaction?

Related Posts

1 of 357

Leave A Reply

Your email address will not be published. Required fields are marked *