හින්දි ෆිල්ම් එකක් නිසා කෝච්චි නෑ

“ඉංදු ශ්‍රී ලංකා චිත්‍රපටයක් වෙනුවෙන් මේ මස එනම් 2024 ඔක්තෝබර් 9 වැනිදා සිට 15 වැනිදා දක්වා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයන් සීමා කර ඇති බව පැවසෙනවා…!!

මේ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ මේ චිත්‍රපටය තිරගත වීමෙන් පසුව ඇතිවන සංචාරක ආකර්ශණය නිසා රටට විදේශ විණිමය විශාල ප්‍රමාණයක් ලබා ගැනිම පිළිබඳව සලකා බලා මේ දුම්රිය දෙපාර්තමේන්තුව මේ අවස්ථාව ලබා දුන් බවයි…!!”

අනාගතේ එන සංචාරකයො කෙසේ වෙතත් මේ දවස් වල ඇවිල්ලා ඉන්න සංචාරකයන්ට නම් ඇල්ල බලන්න වෙන එකක් නෑ මේ අටමගලෙ නිසා … ඇත්තටම කාටත් අපහ්හ්සුතාවයක් නොවෙන්න මේක කරන්න මීට වඩා හොඳ වොදිහක් තිබුනේම නැද්ද?

මීට පෙර මේ ප්‍රදේශයේ චිත්‍රපට, ටෙලිනාට්‍ය සහ වෙලඳ දැන්වී රාශියක් නිර්මාණය වී තිබෙනවා.. නමුත් ඒ කිසිවක් වෙනුවෙන් මෙපමණ දීර්ඝ කාලාක් ප්‍රවාහන කටයුතු අඩාල වූ බවක් වාර්තා වී නෑ…

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *