හිසකෙස් වර්ණ ගන්වන ව්‍යාජ ආලේපන පිළිබඳව විමසිලිමත් වන්න.

ප්‍රසිද්ධ වෙළඳ නාමයක් ව්‍යාජ ලෙස යොදා ගනිමින් සැකසූ හිසකෙස් කළු කරන ආලේපන වෙළෙඳපොල තුල අලෙවි කල ව්‍යාපාරික ස්ථාන වැටලීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගිය දිනක කටයුතු කරනු ලැබීය.

නිවැරදි හිසකෙස් කළු කරන ආලේපනයෙහි අනු ඇසුරුමක බර 21g ක් වන අතර ව්‍යාජ නිෂ්පාදනයෙහි‍ අනු ඇසුරුමක බර 10g ක් වේ.

පිටකොටුව පැරණි නගරශාලා ගොඩනැගිල්ලෙහි සහ පීපල්ස් පාර්ක්හි වෙළඳුන් තිදෙනෙකු සම්බන්ධව සිදුකරන ලද මෙම වැටලීම් සඳහා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමෙන් පසුව වරද පිළිගත් ව්‍යාපාරිකයන් දෙදෙනෙකුට දඩ මුදලක් සහ අත්අඩංගුවට ගනු ලැබූ එම ඇසුරුම් විශාල ප්‍රමාණයක් රාජසන්තක කර විනාශ කිරීමට ගරු අධිකරණය නියම කර ඇත.

වෙළෙඳපළ තුල මෙවැනි ව්‍යාජ නිෂ්පාදන අලෙවි කිරීම වැලක්වීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිරතුරුම කටයුතු කරන අතර භාණ්ඩ මිලදීගැනීමේදී මෙවැනි ව්‍යාජ නිෂ්පාදන සම්බන්ධව විමසිලිමත් වන ලෙසත් සහ එවැනි අවස්ථා පිළිබඳ තොරතුරු වෙතොත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ කෙටි දුරකථන අංකය 1977 වෙත දැනුම්දෙන ලෙසත් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය ඉල්ලා සිටී.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *