හිස්කරන පොල්ගොල්ලේ බීමතින් දියනෑ දෙදෙනෙකු අතුරුදන්

නඩත්තු කටයුත්තක් නිසා පොල්ගොල්ල ජලාශය හිස් කිරීම හේතුවෙන් ඉන් ජලය සපයන ප්‍රදේශවලට ලබන 28 වනදා සිට පැය 65 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දුන්නා.

එවන් පසුබිමක පොල්ගොල්ල ජලාශයේ සිට වික්ටෝරියා ජලාශයට ජලය මුදා හැරෙන එක් දොරටුවක් ඊයේ සිට විවෘතව පවතිනවා.

එහිදී බීමතින් එහි දියනෑමට ගිය තරුණයින් 05 දෙනෙකු අතරින් දෙදෙනෙකු දියේ ගීලී අතුරුදන්වීමේ පුවතක් අද දහවල් වාර්තා වුණා.

පොලිසිය සදහන් කළේ, එක් තරුණයෙකුගේ මව විදේශගතව සිට මෙරටට පැමිණි ඇති බවත්, ඇය රැගෙන ආ මත්පැන් බෝතලක් පානය කිරීම සදහා ඔවුන් එහි ගොස් ඇති බවත් මූලික විමර්ශන වලදී අනාවරණය වු බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *