හිස්බුල්ලා සංවිධානයෙන් ඊශ්‍රායල‍යේ ස්ථාන වෙත රොකට් ප්‍රහාරයක්

ගාසා තීරයට එරෙහි යුද්ධය ආරම්භයේ සිට එහි විශාලතම ප්‍රහාරවලින් එකක් වන දකුණු ලෙබනනයේ ඊශ්‍රායල හමුදාවේ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායල කාලතුවක්කු ස්ථාන වෙත රොකට් දුසිම් ගණනක් හිස්බුල්ලා සංවිධානය විසින් එල්ල කර තිබෙනවා.

උතුරු ඊශ්‍රායලයේ සහ ගෝලාන් කඳුකරයේ සතුරු කාලතුවක්කු ස්ථාන වෙත ‘කැටියුෂා’ රොකට් දුසිම් ගණනක් දියත් කළ බව ඉරානය සමග පෙලගැසී ඇති සන්නද්ධ ලෙබනන් කණ්ඩායම සිකුරාදා අග ප්‍රකාශයක් මගින් තහවුරු කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඊශ්‍රායල හමුදාව සඳහන් කර ඇත්තේ ලෙබනන් භූමියෙන් රොකට් දියත් කිරීම් 40 ක් හඳුනාගෙන ඇති අතර ඒවායින් සමහරක් සාර්ථකව මැවපැවැත්වූ බවයි.

පලස්තීන හමාස් සංවිධානයේ මිත්‍ර කණ්ඩායමක් වන හිස්බුල්ලා සංවිධානය සහ ඊශ්‍රායල හමුදා අතර ගාසා තීරයේ යුද්ධය පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ආරම්භ වූ දා සිට දේශසීමා හරහා දිනපතාම වෙඩි හුවමාරු වෙමින් පවතිනවා.

කෙසේ වෙතත් සටන් විරාමයකට එළඹීමෙන් පසු ඊශ්‍රායලයට එල්ල කරන ප්‍රහාර නතර කරන බව එම සංවිධානය පවසා තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *