හෙදියකගේ හිසට කතුරකින් ගැසූ විශේෂඥ වෛද්‍යවරයෙකුට වන්දි ගෙවන්නැයි නියෝග

දියවැඩියා රෝගියෙකුගේ මහපට ඇගිල්ල කපා දැමීමේ ශල්‍යකර්මයක් සිදු කරමින් සිටියදී ඒ සඳහා භාවිතා කළ කතුරකින් හෙදියකගේ හිසට පහර දීමෙන් ඇගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය, හෙදියට රුපියල් පනස් දහසක වන්දි මුදලක් ගෙවන ලෙස විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙකුට නියෝග කර තිබෙනවා.

මීට වසර 5කට පෙර කුරුණෑගල මහරෝහලේ දී අදාළ වෛද්‍යවරයා විසින් කොපාවිශ්ඨවී මෙලෙස පහර දී ඇති අතර, පහරකෑමට ලක්වූ හෙදිය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම පෙත්සම ගොනුකර තිබුණා.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩගේ එකගත්වයෙන් විනිසුරු අචල වෙන්ගප්පුලි ඊයේ (12) අදාළ තීන්දුව ප්‍රකාශට පත් කරමින් රුපියල් දස දහසක වන්දියක් හෙදියට ගෙවන ලෙසයි රජයට ද නියෝග කළේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *