හොර රැකියා ඒජන්සියක් කුරුණෑගලින් කොටුකර ගනී

නීතිවිරෝධි විදේශ රැකියා නියෝජිත ආයතනයක් විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් වටලා තිබෙනවා.

කුරුණෑගල නගරයේ තිබූ මෙම ස්ථානය එම කාර්යංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් අද (31) වටලා තිබෙන බවයි පවසන්නේ.

මේ නීතිවිරෝධි විදේශ රැකියා ආයතනය එම්.එම්.බී ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් නමින් කුරුණෑගල, සූරතිස්ස මාවතේ පවත්වාගෙන ගොස් තිබුණා.

කුවේට්, සෞදි අරාබිය, ඕමාන්, ඇතුළු රටවල් ගණනාවක් සඳහා බඳවාගැනීම් එහිදී සිදුකරන බවට කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට ලද තොරතුරක් අනුවයි මෙම වැටලීම සිදුකර ඇත්තේ.

වැටලීමේදී එම ආයතනය පවත්වාගෙන ගිය හිමිකරු අත්අඩංගුවට ගත්තා.

මේ අතර විදේශ ගමන් බලපත්‍ර 110ක් සහ රැකියා අයැදුම්පත් රැසක්ද අත්අඩංගුවට ගෙන තිබුණා.

සැකකරු අද කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළා.

මෙම වැටලීම සඳහා කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ කළමනාකරු වන කපිල කරුණාරත්න, ඉදුනිල් පුෂ්පකුමාර, රවීන්ද්‍ර අබේපාල, මදුශාන් විජේවර්ධන, අමිල පෙරේරා හා රංග යසරත්න යන නිළධාරීන් එක්විය.

මේ අතර විදේශ රැකියාවක් ලබාගැනීමට පෙර විස්තර සොයා බැලීම සඳහා කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකය අමතා තොරතුරු ලබාගන්නා ලෙසයි විදේශ රැකියා අපේක්ෂිතයින්ගෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉල්ලා සිටින්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *