අක්මීමනදී සිදුවූ ඝාතනයක සැකකරුවන් රත්මලානෙන් අල්ලයි

අක්මීමන ප්‍රදේශයේ පුද්ගලයකු ඝාතනය කොට රත්මලාන ප්‍රදේශයට පැමිණ එහි ලැගුම් හලක සැඟව සිටි පුද්ගලයන් දෙදෙනෙකු අද (11) අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය පවසනවා.

අක්මීමන, කුරුන්දකන්ද, ප්‍රදේශයේ පදිංචි ප්‍රසන්න කුමාර නමැති 42 හැවිරිදි පුද්ගලයෙකු ඉකුත් 09 දා රාත්‍රියේ කුරුන්දකන්ද ප්‍රදේශයේ පාළු නිවසක නිදා සිටියදී සැකකරුවන් දෙදෙනා සහ තවත් පුද්ගලයෙකු කැත්තකින් සහ කඩුවකින් ගෙලට පහරදී ඝාතනය කොට තිබෙනවා.

පසුව මියගිය පුද්ගලයාගේ සහෝදරයාද ඝාතනය කිරීමට උත්සාහ දැරීමේදී එය ව්‍යාර්ථ වී ඇති බවයි පොලිසිය පැවසුවේ.

පසුව එක් සැකකරුවකුගේ ඥාති සොහොයුරියක පදිංචි රත්මලාන ප්‍රදේශයට පැමිණ ඇයගේ ලැගුම්හලෙහි මෙම සැකකරුවන් දෙදෙනා සැඟව සිට තිබෙනවා.

එහිදී මේ සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සැකකරුවන් දෙදෙනා රත්මලාන ප්‍රදේශයේ එම ලැඟුම්හල තුලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *