අගමැතිනිය දළදා වහන්සේ වැඳ පුදා ගනී


නව අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දන්ත ධාතූන් වහන්සේ වැද පුදා ආශිර්වාද ලබාගත් අවස්ථාව

නව අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ඊයේ (28)පස්වරුවේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දන්ත ධාතූන් වහන්සේ වැද පුදා ආශිර්වාද ලබා ගත්තාය.
දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් අග්‍රාමාත්‍යවරිය පිළිගන්නා ලද . පසුව අමරසූරිය මෙනවිය මල්වතු මහා විහාරයට පැමිණ එහිදී එම පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තාය. එම අවස්ථාව සඳහා මල්වතු මහා විහාරීය කාරක සංඝසභාවේ මහා සංඝරත්නය වැඩම කොට සිටි අතර ඉන් පසු ඇය අස්ගිරි මහා විහාරයට ගියාය.
අනතුරුව අග්‍රාමාත්‍යවරිය අස්ගිරි මහා විහාරීය මංගල උපෝෂථාගාරයේදී මහා නායක හිමි අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තාය.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් මහතා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

මහනුවර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *