අගමැතිනිය සිංගප්පූරු පුවත්පත් සමාජයේ නියෝජිතයින් පිරිසක් හමුවෙයි

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ සිංගප්පූරු පුවත්පත් සමාජයේ සභාපති පැට්‍රික් ඩැනියෙල් මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු නියෝජිතයින් අතර හමුවක් ඊයේ (01) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විය.

ශ්‍රී ලංකාවේ තාක්ෂණික සහ වෘත්තීය අධ්‍යාපනය, ආයෝජන සදහා හිතකර පරිසරයක් නිර්මාණය කිරීම ඇතුළු දෙරට අතර දිගුකාලීන සබඳතා පිළිබඳව මෙහිදී සාකච්ඡා විය.

අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් මහින්ද ගුණරත්න, දකුණු ආසියාව සහ SAARC රාජ්‍ය තාන්ත්‍රික අධ්‍යක්ෂ ජනරාල් නිලූක කදුරුගමුව සහ විදේශ කටයුතු අමාත්‍යංශයේ අග්නිදිග ආසියාවේ සහ මධ්‍යම ආසියාවේ සහකාර අධ්‍යක්ෂ පූර්ණිමා අබේගුණසේකර යන මහත්මහත්මින් ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි විය.

What's your reaction?

Related Posts

1 of 363

Leave A Reply

Your email address will not be published. Required fields are marked *