අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන වැඩ බාර ගනී.

අගවිනිසුරු පිළිගැනීමේ උත්සවය අමතමින් රේෂ්ඨාධිකරණ අගවිනිසුරු ප්‍රිතිපද්මන් සූරසේන ප්‍රකාශ කලේ අධිකරණ මහතා පද්ධතිය හරහා කාර්යක්ෂම හා ඵලදායී සේවාවක් සැපයීම අත්‍යවශ්‍ය බවත්, අධිකරණය කෙරෙහි මහජන විශ්වාසය වැඩි කරන බවත්ය.
උත්සවය ශ්‍රේෂ්ඨාධිකරණය පරිශ්‍රයේ පැවැත්වුණා ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරු, මහාධිකරණ, දිසා අධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණවල විනිසුරුවරුන් ජ්‍යෙෂ්ඨ නීතිඥවරු පිරිසක්ද සහභාගි වූවා.

නිල උත්සවය අමතමින් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා පැවසූවේ, අධිකරණ කෙරෙහි පවතින මහජන විශ්වාසය වර්ධනය කිරීම සඳහා අධිකරණවලින් කාර්යක්ෂම සේවාවක් සැපයීම අත්‍යවශ්‍ය බවයි.

ඇතැම් අධිකරණ කාර්යාල තුළ සිදුවන දූෂණ අක්‍රමිකතා අධිකරණ කටයුතු ඩිජිටල්කරණය පිටු දැකීමට හැකියාව සැලසෙන බවද අගවිනිසුරුවරයා කියා සිටියා.
එබැවින් අධිකරණ ක්‍රියාදාමය ඩිජිටල්කරණය කිරීමේ කටයුතු වේගවත් කිරීමට පියවර ගන්නා බවත් ඒ සඳහා රජය විසින් අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබාදීමට කටයුතු කර තිබෙන බවද අගවිනිසුරුවරයා කියා සිටියා.

ඒ අනුව අදාල කටයුතු කඩිනමින් මෙහෙයවීම සඳහා අධිකරණ අමාත්‍යවරයා, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා, ඇතුළු පාර්ශ්ව කීපයක් සමග තමන් දැනටමත් සාකච්ඡා ආරම්භ කර තිබෙන බව පැවසූ අගවිනිසුරුවරයා අධිකරණ කටයුතු ඩිජිටල්කරණය කිරීම තුළින් අධිකරණ වල සේවාව ලබා ගැනීමට පැමිණෙන මහජනතාවට මෙන්ම නීතිඥවරුන්ටත් විශාල සහනයක් සැලසෙන බව කියා සිටියා.

එමෙන්ම ඒ තුළින් අධිකරණ කටයුතු පිළිබඳ සාමාන්‍ය මහජනතාවට ද දැනුවත් වීමක් ලබාගත හැකි බව ඔහු පැවසූවා. .

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *