2024.10.30 වන දින පස්වරුවේ අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රදවා සිටි සැකකරුවෙකු බැලීමට සදහා පැමිණි කාන්තාවක් විසින් සැකකරු වෙත ලබා දීමට සුක්ෂම ලෙස සගවා තමා හැද සිටි යට ඇදුමේ සනීපාරක්ෂක තුවායක සඟවා ජංගම දුරකථන 01ක් හා දුම්කොළ සුරුට්ටු 19ක් අමුත්තන් පෙන්වීමේ රාජකාරී නියුතු බන්ධානගාර නිළධාරිනියක් විසින් සෝදිසි කිරීමේ දී අත්අඩංගුවට ගෙන ඇත.
මෙම කාන්තාව තම ස්වාමිපුරුෂයාට තහනම් ද්‍රව්‍ය ලබා ලබා දීම සදහා පැමිණ ඇති අතර, අදාල මත්ද්‍රව්‍ය සහ කාන්තාව ඉදිරි නීතිමය කටයුතු සඳහා අගුණකොලපැලැස්ස පොලිසිය වෙත බාරදීමට කටයුතු කර ඇති අතර, සිදුවීම සම්බන්ධනයෙන් අගුණකොලපැලැස්ස බන්ධනාගාරය මගින් විමර්ශනයක් ආරම්භ කර ඇත.
ගාමිණි බී. දිසානායක
බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක)