අඩුවන විදුලි බිල

විදුලි බිල 10%ත් 20%ත් අතර ප්‍රතිශතයකින් අඩු කිරීමේ හැකියාව පවතින බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ සභාපති ධනුෂ්ක පරාක්‍රමසිංහ පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (29) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එමෙන්ම, විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කළහොත් විදුලි බිල ඉහළ යාමේ හැකියාවක් පවතින බව ද සඳහන් කරනවා.

විදුලිබල මණ්ඩලයේ වර්තමාන පරිපාලනය විදේශ සමාගම්වලට අවශ්‍ය ආකාරයට සිදුකරනත් මෙහිදී ඔහු පවසා තිබෙනවා.

2022 වසරේ ආර්ථික අවපාතය පිළිබඳව අවධානය යොමුකර සුර්යය විදුලි ඒකකයත් රුපියල් 37කට මිල දී ගත්තද එහි සැබෑ වැටිනාකම් රුපියල් 22ක් පමණවන බව සභාපතිවරයා පවසන්නේ.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මේ හේතුවෙන් ජනතාවට හා මණ්ඩලයට රුපියල් 15ක පමණ පාඩුවක් සිදුවන බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *