අතුරුගිරියේදී වෙඩි කෑ කේ.සුජීවා දැන් ගෙදර

අතුරුගිරිය ප්‍රදේශයේ පිහිටි ටැටූ මධ්‍යස්ථානයකදී සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත නැමැත්තාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේදී වෙඩි වැදී කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ජනප්‍රිය ගායන ශිල්පිනී කේ. සුජීවා මහත්මිය ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පවසනවා.

ඉකුත් (8) වනදා අතුරුගිරියේදී නාදුනන තුවක්කුකරුවන් දෙදෙනකු විසින් ටැටූ මධ්‍යස්ථානයට කඩාවැදී ක්ලබ් වසන්ත ඇතුළු පිරිසට වෙඩි පිට වෙඩි තැබීමෙන් ගායන ශිල්පිනී කේ.සුජීවාගේ පාදයකට වෙඩි උණ්ඩ දෙකක් වැදී තිබුණා .

සැත්කම් කීපයකින් අනතුරුව කේ. සුජීවා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියා.

ඇයගේ පාදයේ තුවාල යහපත් අතට පත්වීම හේතුවෙන් ඇය වෛද්‍ය උපදෙස් මත රෝහලෙන් පිටව ගොස් ඇති බව එම උසස් නිලධාරිය ප්‍රකාශ කරනවා.

ක්ලබ් වසන්ත නැමැත්තාගේ බිරිඳ තවමත් කළුබෝවිල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේ .

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *