කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වීමට ඉඩ ඇති බවයි.
ඇතම් විට සබරගමුව පළාතේ හා නුවරඑළිය, මහනුවර, ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකිය.
වයඹ සහ උතුරු පළාත්වල මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද වැසි වාර කිහිපයක් අපේක්ෂා කෙරේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වල මෙන්ම උතුරු, උතුරු-මැද, වයඹ, මධ්‍යම, දකුණු සහ සබරගමුව පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ද පැයට කිලෝමීටර 55-60 දක්වා තද සුළං අපේක්ෂා කෙරේ.
දිවයිනේ සෙසු ප්‍රදේශවල පැයට කිලෝමීටර 40-50 දක්වා තද සුළං සමඟ මධ්‍යස්ථ තද සුළං අපේක්ෂා කෙරේ.