“අදත් හෙටත් පලස්තීන ජනතාවගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටිනවා”

අදත් හෙටත් පලස්තීන ජනතාවගේ අයිතිය වෙනුවෙන් සෘජුවම පෙනී සිටියේ තමා ඇතුළු සමගි ජන බලවේගය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ ඊයේ (26) මඩකලපුව එරාවුර් නගරයේ දී පැවැති 2024 ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගයේ 18 වැනි විජයග්‍රාහී ජන රැළිය අමතමින්.

එහිදී විපක්ෂනායකවරයා පවසා සිටියේ ඊශ්‍රායල් රටේ ත්‍රස්තවාදි ප්‍රහාරයට මුහුණ දෙන පලස්තීන ජනතාව වෙනුවෙන් සෘජුවම පෙනී සිටියේ තමා ඇතුළු සමගි ජන බලවේගය බවත් ඊශ්‍රායල් ආණ්ඩුවට පලස්තින ජනතාව සමූල ඝාතනය කරන්න අයිතියක් නොමැති බවයි.

මේ රටවල් දෙක සහෝදරත්වයෙන් මිත්‍රශීලීත්වයෙන් සාමකාමීව ජීවත් විය යුතු බව ඔහු කියා සිටියා.

එමෙන්ම ජාතික සමගිය තමාගේ ගමනේ ප්‍රධාන අරමුණ බවත් ජාති ආගම් කුලමල පන්ති පක්ෂ කිසිදු භේදයෙන් තොරව ජාතික ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන බවත් රටේ සෑම ආගමකටම ජාතියකටම ඇති අයිතිය ආරක්ෂා කරන බවත් රැක ගන්නා බවත් විපක්ෂ නායකවරයා කියා සිටියා.

කොරෝනා සමයේ ආදාහන භුමදාන ගැටලුවේදී එවක රජය ඉස්ලාමීය ජනතාවගේ භූමදාන අයිතිය වෙනුවෙන් පෙනී සිටියේ සමගි ජන බලවේගය බවත් WHO නිගමන හරහා භූමදානයට පක්ෂව තමා ඇතුළු පිරිස හිටගත්තත් එවක ආණ්ඩුව ක්‍රියාත්මක වූයේ ජාතිවාදී ආගම්වාදී ප්‍රතිපත්ති පෙරටු කර ගෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *