අදානි සමාගමට දුන් අමාත්‍ය මණ්ඩල අනුමැතිය බල රහිත කරන්නැයි පෙත්සම් සලකා බැලීමට දින නියම වෙයි

මන්නාරම වෙඩිතලතීවූ ප්‍රදේශයේ සුළං විදුලි බලාගාරයක් ඉදිකිරීමට ඉන්දියාවේ අදානි සමාගම වෙත ලබා දී තිබෙන අමාත්‍ය මණ්ඩල අනුමැතිය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් පහක් සලකා බැලීම සඳහා ඔක්තෝබර් මස 14 දා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබෙනවා.

මෙම පෙත්සම් අද එස්. තුරෙයි රාජා, ඒ එච්.එම්.ඩී. නවාස්, ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පාර්ශව පහක් විසින් මෙම ඉදිරිපත් කර තිබුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *