අද සිට ඉදිරි දින කිහිපයේ වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක්

ශ්‍රී ලංකාව සහ අවට මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින පෙර-මෝසම් කාලගුණික ලක්ෂණ හේතුවෙන් වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අද(18) දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතිනු ඇති බව ද එම නිවේදනයේ සඳහන් වෙනවා.

බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිමේ හැකියාව පවතිනවා.

දිවයිනේ සෙසු ප්‍රදේශවල දහවල් 12.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව සඳහන් වෙනවා.

බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ට වැඩිතද වැසි ඇතිවිය හැකියාව තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *