අධිකරණයට ගිය ජනපතිවරණය ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්

කවුරුන් අධිකරණයට ගියත් මෙම වසරේ ජනාධිපතිවරණය පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ, ආර්. සම්බන්ධන්ගේ අවමංගල්‍ය අවස්ථාවට ත්‍රිකුණාමලය පිහිටි ඔහුගේ නිවසේ දී ඊයේ (07) පස්වරුවේ එක් වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

“පළාත් සභා මැතිවරණ පැවැත්වීම අවශ්‍ය බව ප්‍රකාශ කරනවා.

නමුත් දැන් අප සාකච්ඡා කර තීරණය කර තිබෙන්නේ පළමුව ජනාධිපතිවරණය පැවැත්වීමටයි.

කවුරු අධිකරණයට ගියත් මෙම වසරේ ජනාධිපතිවරණය පවත්වනවා.

ඊළගට පාර්ලිමේන්තු මැතිවරණ පවත්වන අතර ඉන් පසුව පළාත් සභා මැතිවරණය පැවත්වෙනවා.”

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *